Latest News

Adbox

Thursday, November 10, 2016

ජනපතිගේ වෙබ් අඩවිය HACK කළ සිසුවා වසර 3ක් පරිවාස භාරයට

Loading...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලූ වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි පාසල් සිසුවා වසර 3ක කාලයක් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත් කිරීමට අද තීරණය කෙරුණා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි.
අදාළ සිසුවා දෙමව්පියන් භාරයේ සිටියදීම පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
පරිවාස නිලධාරීන් ඊට අදාළ යෝජනාව අධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඊට සිසුවාගේ දෙමව්පියන් කිසිදු විරෝධතාවක් නොදැක්වූ නිසා මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ පිළිබඳ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වීමට මෙම සිසුවාට මාලදිවයින් ජාතිකයෙකුගේ සහාය ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.
Loading...

No comments:

Post a Comment

Recent Post