Loading...

දැන් ඔබගේ ප්‍රශ්නයට පැමිනෙන්නට කැමතිය. අඩි 5ඉ අගල් 3ක් යනු ඉතා මිටි සිරුරක් නොවේ. එය සැලකිය යුතුතරම් උසක් (height) සහිත එකකි. සාමන්‍යෙන් ශ්‍රි ලාංකික පිරිමි දරුවකුගේ සාමාන්‍ය උස අඩි 5 අගල් 4 හෝ 5ක් වැනි ප්‍රමාණයක් පවතී. ඒ අනුව ජනගහනයෙන් 40- 45% ප්‍රමානයක් ඔබේ උසට වඩා බෙහෙවින් කුඩාය. එබැවින් දෙවනුව එයද අවබොධකර ගන්න.
මීලග ඉතා වැදගත් කරුණ නම් ඔබගේ මාපියන් (patents height) ඉතා මිටිනම් ඔබ ඉතා උස වීම සිතිය නොහැකිය. එබැවින් එය පිලිබඳවද අවධානය යොමුකරන ලෙස ඉල්ල සිටිමි.
කෙසේ උවද ඔබ උස ඉහල දමා ගැනීමේ දැඩි අවශ්‍යතාවකින් පසුවන බව පැහැදිලිය. එබැවින් ඒ පිලිබඳ යම් ඔවදනක් දීමට කැමතිය. විශේෂයෙන් උස යාමට කියා විශේෂයෙන් බෙහෙත් නොමැත. එබැවින් එවැනි බෙහෙත් පිලිබඳ නොරැවටෙන්න. කෙසේ වුවද නිසි පෝෂණයක් සමගින් ශරීරයට ලැබෙන වයායාම ඔබේ ශරීරයේ උස ඉහල යාමට වැදගත් වනු ඇත. ශරීරයේ උස වැඩිකරගැනීමට වැදගත්වන ව්‍යායාම කිහිපයක් පහතින් දක්වා ඇත. මේ ව්‍යායාම මගින් වර්තමාන උස යම් ප්‍රමාණයක් පහසුවෙන් වැඩි කර ගත හැකි බව වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.
Try and Try One Day You Can Fly මෙන්න මේක හොඳට මතක තියාගන්න.
1. පිහිනීම. Swimming
පිහිනීමේදී ශරීරයේ ඇදීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් උස වැඩි කර ගැනීමේ හැකියාව තිඛෙනවා. නමුත් මිනිය හැකි ප්‍රථිඵලයක් ලබා ගැනීමට නම් දිනකට පැය 2ක් පමණ දීර්ග කාලයක් පිහිනීම සිදු කළ යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
2. Hanging Exercises
මෙහිදී එල්ලී සිටීම සිදු කළ යුතුයි. ශරීරය සම්පූර්ණයෙන්ම කෙලින් සිටින සේ එල්ලී සිටීම, පාද පොලොවට සමාන්තර පිහිටුමකට ගෙන ඒම සහ ඉහලට ගෙන ඒම මේ යටතේ සිදු කළ හැකි ව්‍යායාමයන් ය. සතියකට කිහිප වතාවක් සිදු කිරීමට වෛද්‍ය අනුමැතිය ලැඛෙනවා.
3. පාදයේ ඇගිලි තුඩු අතින් ඇල්ලීම. Touch Toes
පහසුවෙන්ම ඕනෑම ස්ථානයකදී සිදු කළ හැකි ව්‍යායාමයකි. මෙහිදී දණහිස නොනැවෙන සේ පාදයේ ඇගිලි අතින් ඇල්ලිය යුතුයි. මෙය එක වැරම සිදු කිරීමට අපහසු වුවත් දිගින් දිගටම උත්සාහ කිරීම මගින් සිදු කර ගැනීමට හැකියි. මෙලෙස ස්වල්ප වේලාවක් ඇගිලි තුඩු ස්පර්ශ කරගෙන සිටීම මගින්ද ශරීරයේ උස වැඩි වන බව වෛද්‍ය මතය යි.
4. Pelvic Shift
මෙම ව්‍යායාමය මගින් කශේරුව සහ උකුල් ප්‍රදේශය ඉලක්ක කෙරෙනවා. මෙය උස වැඩි කර ගැනීමට ඉතාමත් ප්‍රයෝජවත් සහ වැදගත් ව්‍යායාමයක් ලෙස හැදින්වීමට පුලුවන්. පැතලි බිමක දිගා වී පළමු රූපයේ පරිදි අත්ල බිම තබා දෙපා දණහිසින් නැමීම සිදු කළ යුතුයි. රූපයේ පරිදි අත්ල බිමම තිඛෙන පරිදි ශ්‍රෝණිය අසලින් ඉහලට එසවිය යුතුයි. මෙය නිසි ආකාරයෙන් සිදු කිරීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්.
5. The Table
මෙම ව්‍යායාමයේදී ශරීරය මේසයක ආකාරයට තබා ගැනීම සිදු කරනවා. එමෙන්ම ඉතාමත් ඉක්මනින් උස වැඩි කර ගැනීම සදහා මෙම ව්‍යායාමය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.
6. Jump Rope
මෙය ඉතාමත් ක්‍රියාකාරී ව්‍යායාමයකි. විශේෂයෙන් පාදයේ පහල කොටස් ඇදීමට ලක් කෙරෙනවා. එමෙන්ම මස්පිඩු වර්ධනය කිරීමක්ද සිදු වෙනවා.
7. Super Stretch
මෙහිදී කෙලින් සිට, දෑත් හිස පිටුපස තබා සීරුවෙන් ඛෙල්ල ඉහලට පහළට සහ පැත්තට හැරවීම සිදු කළ යුතුයි. එක් එක් අවස්ථාවන්හි තත්පර කිහිපයක විරාමයක් තැබීම මගින් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැක. මෙහිදී කශේරුව සහ ඛෙල්ල ඉලක්ක කිරීම සිදු වේ.
8. Two Legs Straight Up
තරමක් අපහසු ව්‍යායාමයක් වුවත් ඉතාමත් ප්‍රතිඵල සහගත ව්‍යායාමයකි. මෙහිදී සමතලා බිමක දිගා වී අත් වලින් කොන්දට ආධාරයක් ලබා දී දෙපා ඉහලට එසවිය යුතුයි. පුහුණු වූ පසුව ඉතා පහසුවෙන් සිදු කළ හැකි ව්‍යායාමයකි.
ඔබ උස පිළිබද ගැටලුවක් ඇත්තෙක් නම් මෙම ව්‍යායාම මගින් ස්වල්ප ප්‍රමාණයකින් හෝ උස වැඩි කර ගැනීමේ හැකියාව තිඛෙනවා. නමුත් අස්ථි සම්බන්ධ ගැටලු පවතී නම් මෙයින් ව්‍යායම තෝරා බේර ගැනීමට සැලකිලිමත් වීම වඩාත් සෞඛ්‍ය සම්පන්න බව අපේ මතයයි
Loading...
No comments:
Post a Comment