Loading...
ආනයනික පානීය නොවන මද්‍යසාර සඳහා ලීටරයකට රුපියල් 25ක නිෂ්පාදන බද්දක් ද පනවා තිබෙනවා.
එමෙන්ම ආනයනික බීර කෑන් සඳහා නිෂ්පාදන බදු ද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මිලි ලීටර් 325ට අඩු බීර කෑන් එකක් සඳහා රුපියල් 10ක්ද, මිලිලීටර් 325ට වැඩි කෑන් එකක් සඳහා රුපියල් 15ක් ද අය කෙරෙනු ඇති.
මේ අතර එතනෝල් නිෂ්පාදනයේදී ඒවා වාෂ්ප වීමෙන් සිදුවන හානි සඳහා ලබා දී තිබූ සියයට 1.5ක දීමනාව 0. 5 දක්වා අඩුකර තිබෙනවා.
එතනෝල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය ප‍්‍රමාණය මත නිෂ්පාදන බදු හඳුන්වාදීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. එවිට සත්‍ය වශයෙන්ම නිෂ්පාදනය කෙරෙන එතනෝල් ප‍්‍රමාණය සොයාගත හැකි වනු ඇති බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.
Loading...
No comments:
Post a Comment