Loading...
ඇගේ අවාසනාවන්ත මරණයට හේතු වූයේ වසර 9 ක් තිස්සේ ඇයට වැළඳී තිබුණ පියයුරු පිළිකා රෝග තත්වයයි.
කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් හි උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රැඩ් ෆෝඩ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද, ලන්ඩන් ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතනයෙන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන තිබුණි.
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු ගණනාවක් හොබවා ඇති ඇය මියයන විට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටි බවත්, දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා සමග බවත් සඳහන්ය.
2007 වසරේදී පියයුරු පිළිකා රෝග තත්වය වැළඳී ඇති බව ඇය හඳුනාගන්නා විට දරුවන් ලැබී තිබුනේ නැත.ප්‍රතිකාර වලින් මාස කිහිපයකින් පියයුරු පිළිකා රෝග තත්වයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති බව පසක් කරගෙන ඇය අයිවීඑෆ් ප්‍රතිකාර ක්‍රමයෙන්
ඇගේ පළමු දරු උපත 2012 සාර්ථකව සිදු කළ අතර ඔවුන් පළමු දියණිය සමග සන්තෝෂයෙන් කාලය ගත කළා. නැවත 2015 දෙවන දරු උපත වෙනුවෙන් ඔවුන් කල්පණා කළ අතර අයිවීඑෆ් ප්‍රතිකාර ක්‍රමයෙන් එවර ඔවුනට ලැබුනේ පිරිමි දරුවෙකි.
ඉන්දිරා පිළිකාවෙහි භයංකර අත්දැකීම අභියෝගයක් කරගෙන දරුවන් ලබන්නට තරම් වාසනාවන්තියක වීම ගැන එංගලන්තයේ පුවත්පත් පවා වාර්තා පළ කර තිබුනේ මේ අතරවාරයේය.
නමුත් අනපේක්ෂිත ලෙස දෙවන දරුවා ලැබී මාස 7 ක් පමණ ගතවෙද්දී ඇය රෝග තත්වයෙන් ඔත්පළ වුණා.නිදන්ගතව අතුරුදන්වූවා යයි සිතූ පිළිකා රෝග ලක්ෂණ ඇය කෙරෙන් යළි මතුවුණා. කෙසේ වෙතත් දෙවන දරුවා වෙනුවෙන් ඇගෙන් ඉටුවිය යුතු බොහෝ දේ ඇය ඉටු කර අවසන්වූ පසු එම රෝග ලක්ෂණ මතුවීම නිසා ඇයට සැනසිල්ලක් ඇතිවුණ බවද ඇය පුවත්පත් වලට පවසා තිබුණා.
කාලය කෙමෙන් ගතවුනේ ඇගේ ජීවිතය අහිමි වන බවට ඇයටම දැනෙන දේවල් සිදුවෙමිනි. තමා මරණයට පත්වන බව දැනගෙන ඇය අන්තිම කැමති පත්රරයද ලියා තිබුණ අතර අවසන් කටයුතු එංගලන්තයේ කෙන්ට්හි බෘම්ලි ගම්මානයේ ඇගේ නිවසේම සිදු කරන්නැයිද ඇය ඉල්ලා තිබුණා.
ඇගේ අවසන් කටයුතු වෙනුවෙන් කතානායක කරු ජයසූරිය ඇතුළු පවුලේ අය එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.
Loading...
No comments:
Post a Comment