Latest News

Adbox

Tuesday, November 1, 2016

වයස 25ට අඩු අය ත්‍රීවිල් පැදලා හමාරයි මෙන්න එන්න යන රට කළඹන අලුත්ම නිතිය

Loading...
වයස 25ට අඩු අය ත්‍රීවිල් පැදලා හමාරයි මෙන්න එන්න යන රට කළඹන අලුත්ම නිතිය

වයස අවුරුදු 25 ට අඩු අයට ත්‍රිරෝද රථ පැදවීමට බලපත්‍ර ලබා නොදෙන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති කේ. ඩී. අල්විස්‌ මහතා ඉල්ලා සිටියේය. වයස 25 සම්පූර්ණ වූ පසු ත්‍රිරෝද රථ රියෑදුරන්ට මගී ප්‍රවාහනය සඳහා වසර 03 ක පරිවාස කාලයක්‌ ලබාදීමෙන් පසු මගී ප්‍රවාහනයට අවසර ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි. මේ වන විට අපේ රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ත්‍රිරෝද රථ පැමිණ ඇති බවත්, 2020 පමණ වන විට මේ රට ත්‍රීවීල් කොළනියක්‌ විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි. මේ වන විට බස්‌නාහිර පළාත් සභාව මගින් බස්‌නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවත්, එය යහපත් බවත් හෙතෙම කීය. මෙම ලියාපදිංචිය නිසා බස්‌නාහිර පළාතේ ත්‍රිරෝද රථ හිමියන්ට, පළාත තුළ මගී ප්‍රවාහනයට අවස්‌ථාව හිමිවන බැවින් වෙනත් පළාත්වලින් කොළඹට පැමිණ මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථවලට එම අවස්‌ථාව අහිමිවන බවත් ඔහු පෙන්වා දුන්නේය
Loading...

No comments:

Post a Comment

Recent Post