Latest News

Adbox

Sunday, September 11, 2016

රෑට ගණිකාවන්ගෙන් පිරීයන පිටකොටුව අඩිසීයේ පාර මෙන්න ලංකාවේ ගණිකා වීදී

Loading...
පිටකොටුව අඩි සියය පාර 468 වෙළෙඳ සංකීර්ණයේ වසර ගණනාවක සිට වෙළෙඳුන්ට වෙළඳාම් කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් අද එය රාත්‍රි කාලයට ග‚කාවන්ගේ රජදහනක් බවට පත්ව ඇතැයි ජනතාව පවසනවා.

ග‚කාවන් මෙන්ම යාචකයින්, සොරුන් හා මංකොල්ලකරුවන් ද මෙහි සැරිසරන බැවින් මෙය රාත්‍රි කාලයේ එම මාර්ගයේ ගමන් ගන්නා තමන්ගේ ජීවිතාරක්ෂාවට තර්ජනයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ එන්. ත්‍යාගරාජා මෙසේ පැවසුවා.

—දැන් අවුරුදු පහක් තිස්සේ මේ ස්ථානය පදික වෙළෙඳුන්ට ලබා නොදීම ඉතාම ගැටලූ‍වක්. මේ හේතුව නිසා රෑට මේ ස්ථානයේ ග‚කාවන් ඉන්නවා. මේක අපේ හිතට හරි වධයක්. මේකට වගකිවයුත්තා කොළඹ හිටපු නගරාධිපති මොහොමඩ් මුසම්මිල් මහත්තයා. පදික වේදිකාවේ තාමත් වෙළඳාම් කරන අපේම අය තව කොච්චර නම් ඉන්නවද? ඒ අයට මේ වෙළෙඳ සංකීර්ණයේ වෙළඳාම් කරන්න දුන්නා නම් මොකද වෙන්නේ. දේශපාලනයෙන් තොරව මේ වෙළෙඳුන්ට වෙළඳාම් කරන්න ඉඩ දෙන්න.˜

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුනිල් ගුණවර්ධන මෙසේ අදහස් දැක්වූවා.

—දැන් පළමු වැනි අදියර වශයෙන් 289 කඩ සංකීර්ණයත්, දෙවැනි අදියර යටතේ 534 එළවළු මාර්කට් එකත්, තුන් වැනි අදියර යටතේ 468 කඩ සංකීර්ණයත් හැදුවා. දැන් මේ කඩ සංකීර්ණ තුනේ බැලූ‍වොත් කුටි 1485ක් තිඛෙනවා. ඉන් කඩ 400කටත් වඩා ලැබිලා නැහැ. මේ කඩ සංකීර්ණයේ විදුලි බුබුළු වැඩ කරන්නේ නැහැ. සමහර ඒවායේ විදුලි බුබුළු හොරු ගලවාගෙන ගිහින්. මෙම කඩ සංකීර්ණය දැන්වත් වෙළෙඳුන්ට පවරා දෙන්න කියලා මේ යහපාලන රජයෙන් ඉල්ලා සිටිනවා.˜

මෙම වෙළෙඳ සංකීර්ණය ගැන දැන්වත් අවධානය යොමු කළ යුතුව තිඛෙන අතර එසේ නොමැති වුවහොත් මෙම වෙළෙඳ සංකීර්ණය කොළඹ නන්නත්තාර අන්තපුරය බවට පත්වනු නොඅනුමානයි.

එබැවින් මෙම වෙළෙඳ සංකීර්ණය ගැන දැන්වත් අවධානය යොමු කර ඊට පිළියම් යොදන වැඩපිළිවෙළකට රජය යා යුතුව බව ජනතාවගේ මතය යි.
ඡඍධඵධඔෑෘ ඣභඔෑභඔ

Loading...

No comments:

Post a Comment

Recent Post