Latest News

Adbox

Tuesday, September 13, 2016

"දුමින්ද සිල්වා මට කෑම විකුණලා තියෙනවා"

Loading...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවී දැනට මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට වසර කිහිපයකට පෙර තමාට බත් පැකට් විකුණූ බව මහාචාර්ය සරත් විෙජ්සූරිය මහතා ප්‍රකාශ කරයි.    

ලංකාදීප මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් රචිත ‘ජනඅරගලයක දිය සලකුණ’ කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (13දා) කොළඹදී එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

 —දුමින්ද සිල්වා කියන චරිතය නිරුපද්‍රිතව මේ සමාජය තුළ කටයුතු කළේ කොහොමද?  ඒ අය ව්‍යාපාර කළේ කොහොමද? ඒ අයගේ බලය ව්‍යාප්ත කළේ කොහොමද? ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් පත්වුණා. දැන් මේ කතා කරන මම ඉසුරුපාය කිට්ටුව තියෙනවා පාලම් තුන හංදිය කියලා තැනක්.

ඔතන තිබුණා එක්තරා කාලයක ලක්ෂ්මි ෆුඩ් සෙන්ටර් කියලා නිමි ආහාර විකුණන කඩයක්. ඔය කඩේදී දුමින්ද සිල්වා බිල් ලියලා මට කෑම දීලා තියෙනවා. මට කෑම විකුණලා තියෙනවා.  එයාගේ එදා තත්වය කල්පනා කරලා බලන්න. එතකොට මේ වගේ අසාමාන්‍ය ධනවතෙක් බිහිවන්නේ කොහොමද? ඒ ධනවතාව ආරක්ෂා කරන්නේ සාපරාධී දේශපාලන බලවේගයක්.˜ යැයි ඔහු පැවැසීය.

උපුටා ගැනීම අද පුවත්පතෙන්
Loading...

No comments:

Post a Comment

Recent Post