Loading...

⦁ ඇලුමිනියම් ක්ලෝරයිඩ් හෙක්සාහයිඩ්රේට් අඩංගු ඩියෝඩ්රන්ට් භාවිතා කරන්න
ඔබත් බොහෝ දහඩිය පිටවෙන කෙනෙක් නම් ඔබට සුදුසුම ඩියෝඩ්රන්ට් එකවන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් හෙක්සාහයිඩ්රේට් අඩංගු වන ඩියෝඩ්රන්ට් වර්ගය.ඇලුමිනියම් ලවණ
වලට දහදිය පිටකරන නාලිකා අවහිර කිරීමේ හැකියාව ඇති අතර ඒ නිසා දහදිය දැමීම පාලනය වේ.මේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් හෙක්සාහයිඩ්රේට් අඩංගු ඩියෝඩ්රන්ට් දිනපතා භාවිතා කිරීම මගින් ටික කලක් යන වන විට මෙම අධික ලෙස දහදිය දැමීම නවතිනු ඇත.
⦁ නෙල්ලි,වෙරළු කන්න ඕනි වගේම හොඳින් වතුරත් බොන්න ඕනි
නෙල්ලි හා වෙරළු ඔබේ ආහාරය එකතු කර ගැනීම මගින් මේ දහදිය දැමීම පාලනය කරගැනීමට හැකියාව ලැබේ.ඒවගේ අඩංගු පෝෂ්‍ය ගුණයන් නිසා නිරෝගී සිරුරක් ලබා ගැනීමට උපකාරී වේ.දිනපතා හොඳින් වතුර බීමෙන් මෙම අධික ලෙස දහදිය දැමීම පාලනය කරගැනීමට හැකිවේ.
⦁ ආහාර රටාව වෙනස් කරගන්න
ක්ෂණික ආහාර හා කොපි පානය නවත්වාදැමීමට කටයුතු කල යුතුයි.කෝපි වල පෝෂණ ගුණයන් තිඛෙනවා වගේම බොහොමයක් ලෙඩ රෝගයන් හට ගැනීමේ මූල බීජය බවට පත්වන්නේද මේ කෝපි වීම විශ්මිත කරුණකි.මානසික ආතතිය,දුම් පානය,අධික තරබාරු බව,මධ්‍යසාර භාවිතයට ඇබ්බැහි වීම ආදී කරුණු නිසාද මේ අධික ලෙස දහදිය දැමීම ආරම්භ වීමට හැකියි.
Loading...
No comments:
Post a Comment