Latest News

Adbox

Saturday, September 10, 2016

ඇසට කඳුලක් එක්කරමින් ඩිල්ෂාන් පිටියෙන් සමුගත් හැටි..! (photo)

Loading...
1999 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමට ඩිල්ෂාන් වරම් හිමිකරගත්තා.
ටෙස්ට් පිටියේ මෙන්ම, එක්දින පිටියේද පෙරලිකාර දස්කම් රැසක් වාර්තා කර ඇති ඩිල්ෂාන් 2009 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය උඩුයටිකුරු කරමින් ඉන් පෙර කිසිවෙකු දැක නොතිබූ පහරක් හදුන්වා දුන්නා.
අදටත් ක්‍රිකට් ශබ්දකෝශයේ ක්‍රීඩකයෙකුගේ නමින් ඇති එකම පහර වන්නේ එම ඩිල්ෂ්කුප් පහරයි.
2011 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද ඩිල්ෂාන්ට හිමිවුණා.
විවිධ අභියෝග මැදින් කණ්ඩායම මෙහෙයවූ ඩිල්ෂාන් කණ්ඩායම වෙනුවෙන් තම දායකත්වය නිරතුරුම ලබාදුන් ප්‍රමුඛතම ක්‍රීඩකයෙක්.
ජගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ සිව් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඩිල්ෂාන් ක්‍රිකට් ඉතිහාසයට එක්වී තිඛෙනවා.
අපේ රටින් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ඊයේ සිය අවසන් ජාත්‍යන්තර තරගයට එක්වුණා.
එම තරගය අවසානයේදී ඩිල්ෂාන් ප්‍රේක්ෂකයන් වෙත ගොස් ආචාර දැක්වූයේ ක්‍රිකට් ලෝලීන්ගේ නෙතට කඳුලක් එක්කරමින්.






Loading...

No comments:

Post a Comment

Recent Post