Latest News

Adbox

Monday, September 5, 2016

ඔබේ හිසත් උඳුගොව්වන් කනවද? මෙන්න මේ ස්වභාවික බෙහෙත භාවිතාකර උඳුගොව්වන්ගේ කරදරෙන් මිදෙන්න

Loading...
උඳුගොව්වන් කෑම නිසා පීඩාවට පත්වූ අය ඔබ විසින් දැක ඇතුවාට සැකයක් නැත.එවන් විටකදී තම එදිනෙදා  කටයුතු හරි ආකාරව  කරගැනීමට  ඔවුනට නොහැකි වන්නේ  තම අවධානය වෙනතකට යොමුව තිබීමයි.වේදමිණ වෙතින් අද ඔබට ගෙනෙන  ඖෂධ  මඟින් උඳුගොව්වන්  කනවාට පහසුවෙන් පිළියම් සකසා ගත හැකි වේ.

ඔලිඳ ඇට හෝ මුල් ඇල් දියෙන් අඹරා ගාන්න.

මකුළුවැන්න කොළ පුළුස්සා තන කිරෙන් අඹරා ගාන්න.

ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් අඹරා හෝ ජාපාල ඇටයක් දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.ඉදිමේ නම් මී පැ‚යෙන් ගාන්න.

කළුදුරු, සුදුරු, රසකිඳ යුෂින්(කොළ දඩු) අඹරා ගාන්න.

නියඟලා කොළ දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.

ඉහත සඳහන් ඕනෑම ආකාරයක් මඟින් උඳුගොව්වන්  කනවාට ඉතා සාර්ථක  ප්‍රතිකාරයක් ඔබට නිවසේදීම සකසා ගත හැක.

හිස නිතර පිරිසිදූ කර හිසට අවශ්‍ය  මනා පෝෂණය ලබා දීමෙන් මෙවැනි රෝග ඇතිවීමේ අවධානම මගහරවා ගතහැක.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

No comments:

Post a Comment

Recent Post