Latest News

Adbox

Sunday, September 11, 2016

පාසල් යන වයසේ පසුවන කුසල් මෙන්ඩිස්ගේ පෙම්වතිය

Loading...
එක්තරා පුවත්පතක සම්මුඛ සාකච්ජාවකදී තරුණ ජනප්‍රිය ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිය පෙම්වතිය ගැන සඳහන් කරලා තියෙනවා.

ප්‍රශ්නය - ඔබ තරුණ වයසේ කෙනෙක්‌. කොහොමද රසික ප්‍රතිචාර එහෙම…?

පිළිතුර - මේ දවස්‌වල නම් ඉතාම හොඳයි. මොකද අපි තරග දිනලත් ඉන්න නිසා ඒක වැඩියි. ඒ වගේමයි ලකුණුත් ගහලනේ තියෙන්නේ. ගොඩක්‌ ලංකාවේ කට්‌ටිය කතා කරනවා. තරගවලට ගියාහම හම්බවෙන අය ගොඩක්‌ හොඳ කියනවා. මං හිතනවා ඒ තත්ත්වය ඒ විදියටම තියෙයි කියලා. මොකද හැමදාම හැමෝටම ලකුණු අතර ඉන්න බැහැ. කවුරු වුණත් අසාර්ථක වෙන කාලයක්‌ තියෙනවා. ඉතිං ලකුණු ලබාගනිද්දී ලබාදෙන ප්‍රතිචාර වගේම අසාර්ථක වෙන අවස්‌ථාවලදීත් ඒ විදියටම ප්‍රතිචාර දක්‌වන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය - ඔය ප්‍රතිචාර ලබාදෙන අය අතර විශේෂ කෙනෙකුත් ඉන්නවද…?

පිළිතුර - ඇත්තටම ඔව්. මම ආදරය කරන ගෑණු ළමයෙක්‌ ඉන්නවා. එයා තාම පාසල් යන වයසේ පසුවන්නේ. ඒක නිසා මුකුත් එයා ගැන සඳහනක්‌ කරන්න බැහැ. ඒ ඇරුණාම විශේෂ අය අතර ඉන්නේ ගෙදර අය තමයි.

උපුටා ගැනීම දිවයින පත්තරෙන්
Loading...

No comments:

Post a Comment

Recent Post