Latest News

Adbox

Saturday, September 10, 2016

අම්මට ගෙයක් හදන්න කැලෑ කපන ගඩොල් කපන පොඩි හාමුදුරුවන්ගේ කතාව

Loading...
බුදු පුතුන් වුවත් ලේ කිරි කර පෙවූ මවු සෙනෙහස නිසා උන් හිටිතැන් අහිමි වූ සිය මව වෙනුවෙන් නිවෙසක් ඉදිකර දෙන්නට කැලෑ එළිපෙහෙළි කරන ගඩොළු කපන කුඩා ස්වාමින්වහන්සේ දෙනමක් පිළිබඳව මහවැලිය බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

— අපේ ගෙවල් දොරවල් තිබුණේ අරලගන්විල බමුණුකොටුවේ. පුංචි කාලෙදීම මගේ තාත්තා නැතිවුණා. අම්මා වෙනත් විවාහයක් කර ගත්තා. ඒ විවාහයෙන් තමයි මල්ලි කෙනෙක් ලැබුණේ. තවත් අයියා කෙනෙකුත් හිටියා. එයා තාමත් ඉගෙන ගන්නවා. මෙහෙම ඉන්නකොට ඒ තාත්තාත් අපි දාලා ගියා. මට එතකොට අවුරුදු 8 යි.

ඉගෙන ගත්තේ පිරිවෙනේ. පිරිවෙනේ ඉගෙන ගන්නකොට මට මහණ වෙන්න ආසාවක් ඇතිවුණා. තිස්සමහාරාම නැදිගම්වල විල්පිට රජමහා විහාරයේ කඩවත සද්ධාමූර්ති හාමුදුරුවෝ නමින් මම පැවිදි වෙනකොට මගේ අම්මා හරිම වේදනාවෙන් මම දිහා බලාගෙන හිටියා. එතකොට මගේ මල්ලි හරිම පුංචියි. තාත්තලා දෙන්නෙක්ගේ වුණාට අපි දෙන්නා හරිම එකමුතුයි.

දවසක් මගේ මල්ලි පන්සලේ පූජාවකට ගියා, අම්මත් එක්ක. ඒක ඉවර වුණාම එයා ගෙදර යන්න කැමති වුණේ නැහැ. මල්ලි කඩවත සමනාලංකාර හිමි නමින් මහණ වුණා. මල්ලිගේ වෙන්වීම අම්මට දරාගන්න පුළුවන් දෙයක් වුණේ නැහැ. ඊට පස්සේ එයා හරියට ඇ~ුවා. එයා වයසට වඩා දුක් වින්දා. සැරින් සැරේ කොළඹ ගිහින් රස්සාවල් කළා.

ඒත් ලෙඩ ගානේ. ගමට ආවහම අපේ අම්මට ඉන්න තැනක් නැහැ. එයා එක එක ගෙවල්වල නවතින්නේ. අම්ම ගැන මාත් පොඩි සාදූත් දුක්වුණු වාර අනන්තයි. අපි හැමෝටම ලියුම් ලිව්වා අපේ අම්මට ඉන්න ගෙයක් හදලා දෙන්න කියලා.

ඒත් කිසි කෙනෙක් ඉදිරි පත්වුණේ නැහැ. පස්සේ මාත් පොඩි සාදුත් කල්පනා කළා අපි දෙන්නා කොහොම හරි අපේ මහන්සියෙන් අම්මට කාමර කෑල්ලක්වත් හදලා දෙමු කියලා. එහෙම හිතාගෙන අපිට ලැබුණ පොඩි ඉඩම් කෑල්ලේ කැළෑ කපලා එළපෙහෙළි කළා. පස්සේ අපි දෙන්නම එකතු වෙලා උදේ ඉඳන් රෑ වෙනකම් ගඩොල් කැපුවා. අතේ කර ගැට ආවා. ඒත් ඒ අපේ අම්මා වෙනුවෙන්නේ කියලා හිත හදා ගත්තා.˜යැයි කඩවත සද්ධාමූර්ති පොඩි හාමුදුරුවෝ පවසනවා.

සිය මව ජීවත් කරවන්නට මහවැලියෙන් ලැබුණු පුංචි ඉඩම් කෑල්ලේ කහ සිවුර හැඳි මේ පුංචි හිමිවරු දෙනම  නිවෙසක් තනන්නට දහදිය හෙළන අයුරු දුටුවන්ගේ නෙතට කඳුළක් උපදවනවා.

—මේ වගේ පුත්තු පතන්න අම්මලා පිං කරන්න ඕන. පෙර කළ අකුසල කර්මයක් නිසා මම ජීවිතයේ ගොඩාක් දුක්වින්දා. එදා දරුවෝ මහණ කරනකොට මම හදවතින්ම වින්දා. අද මම හදවතින්ම සතුටු වෙනවා. මම මගේ හැම දුකක්ම අද කියන්නේ ලොකු සාදුට. ලොකු සාදු මට පියෙක් වගේ. හැම උපදෙසක්ම පතන්නේ ලොකු සාදුගෙන්. පොඩි සාදුලා දෙන්නා ගඩොළු කපන හැටි මම බලාගෙන ඉන්නවා. මට දුකක් දැනෙන්නේ නැහැ. අද ඒ ගොල්ලෝ මට අයිති නූනත් මම වෙනුවෙන් නේද ඒ දේ කරන්නේ කියලා හිතෙන කොට ‍ලොකු සතුටක් දැනෙනවා. මම ඒ දෙන්නට ආශිර්වාද කරනවා.—

එසේ කියන්නේ කුඩා ස්වාමින්වහන්සේ දෙනමගේ මෑ‚යනුයි.

Loading...

No comments:

Post a Comment

Recent Post