Latest News

Adbox

Tuesday, September 13, 2016

සමේ රෝග, අර්ශස් ගෙඩි, අකලට කෙස් පැසීම ආදී රෝග රැසකට දුම්මැල්ල ඔසුවේ විශ්මිත ප්‍රතිකාර මෙන්න.

Loading...

උද්භිද නාමය       -   Trichsanthes Cucumerinal
කුලය                 -   Cucurbitaceae
සංස්කෘත             -   වන පටොල 
දෙමළ                -    කට්ටප්පු ඩෙල් 



මෙම පැළෑටිය ශාක වර්ගීකරණයේදී ලතා ගණයට අයත්ය. පහුර සහිත ශාකයකි. ගස් අසුරින්ම වැඩේ. දුම් යනු ගස්ය. මැල්ල යනු වැල්ය. මලින් ගැවසීගත් වැල් දුම්මැල්ල යනුවෙන් හැඳින්වේ. මෙම ශාකය ගැමියන් කෙම් වැල් යනුවෙන්ද හඳුන්වනු ලැබේ.


දුම්මැල්ල වැල්වල ඇති විශිෂ්ට වූ කුෂ්ට නාශක රක්ත ශෝධක හා ජ්වර නාශක ගුණයක් පවතී. මෙම ගුණට හේතු වී ඇත්තේ අධික තිත්ත රසය වීමය. 

සිහින් භූම සහිත ලතා විශේෂයක් වන අතර පත්‍ර හෘදයාකාරයි. පුෂ්ප සුදු පාටය. ස්ත්‍රී ලිංග හා පුරුෂ ලිංග පුෂ්ප එකම ලතාවෙහි පිහිටා ඇත. මල් හටගන්නේ සැප්තැම්බර් මාසයේය. 

ඖෂධීය ගුණ 

දුම්මැල්ල කොළ ජ්වර, කුෂ්ට, වන සමනය කරයි. පිත නසයි.


දුම්මැල්ල පලය - තුන්දොස් නසයි.
දුම්මැල්ල මුල් - විරේචන ගුණ ඇත.
දුම්මැල්ල දල්ල - සෙම පහ කරයි.



දුම්මැල්ල ශාකය උපයෝගී කරගෙන කල හැකි අත්බෙහෙත් කිහිපයක් 

1. අර්ශස් ගෙඩි වලට           - දුම්මැල්ල වැල්, අමුකහ දමා තම්බා ගත ජලයේ වාඩි වී සිටීම.

2. උදුගොව්වා කෑමට          - දුම්මැල්ල කොළ දෙහි ඇඹුලින් අඹරා ගාන්න.

3. අකලට කෙස් පැසීමට     - දුම්මැල්ල කොළ යුෂ තල තෙල් දමා රත්කර ගාන්න.

තවද අම්ල පිත්ත රෝගයට මෙන්ම උණ රෝගයටද දුම්මැල්ල ඉතා ගුණදායක ඖෂධයක් වේ.


උපුටා ගැනීම ඔසුමිණ ඇසුරින්.
(වෛද්‍ය ජේ. පී. එම්. එන්. ජයවීර පටබැඳි. B. A. M. S. (ගෞරව) ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බදුල්ල කොට්ටාශය )   






Loading...

No comments:

Post a Comment

Recent Post