Latest News

Adbox

Tuesday, September 13, 2016

කිරි කෝප්ප 80 කට වඩා මුරුංගා කොළ යුෂ කෝප්පයක තිබෙන ගුණ වැඩි. මෙන්න මේ මුරුංගා වල සැගවුන ගුණ ගැන ඔබත් දැනගන්න.

Loading...

මුරුංගා ඉන්දියාවෙන් අප රටට බෝ වු ගසකි’ මුරුංගා යනුවෙන් සිංහලයෙන් භාවිතා කරන නමද මුරිංගා යන දෙමළ වචනයෙන් බිදී ආවකි’ ඉන්දියාවේ ජනතාව අතර වෑංජනයට ගන්නා කරල් වලින් යුත් ශාකයක් ලෙස මුරුංගා නොසැලකේ’ මුරුංගා ගසේ ඵලය එහි කරලයි’

මුරුංගා කරල් වෑංජනයක් ලෙස සකසා ගැනීම කා අතරත් ප්‍රචලිත දෙයකි’ එහෙත් මුරුංගා කොළ ඉතා වටිනා ගුණයකින් යුක්ත බව පර්යේෂණ වලින් ද ඔප්පු වී ඇති අතර අතීතයේ සිටම ඉන්දිය ජනතාව විවිධ ක්‍රම අනුව මුරුංගා කොළ ආහාරයට ගත්හ’

විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළ වල බහුලව අඩංගු වන බවත්” මුරුංගා කොළ යුෂ කෝප්පයක් බීමෙන් සිරුරට ලැඛෙන ශක්තිය කිරි කෝප්ප 80කි’ දොඩම් ගෙඩි 06කි’ කෙසෙල් ගෙඩි 08ක් සහ අඹ කිලෝ 8 2/1ක් තුළින් ලැඛෙන ශක්තියට සමාන බව කියති’ මුරුංගා කොළ යුෂ බාල” තරුණ” මහලු කාටත් ගුණදායක බීමකි’

කොළ මැල්ලුමද ජනප්‍රිය කෑමකි’ මුරුංගා කොළ කොටා මිරිකා ගත් යුෂ කෝප්පයකට කිරි මිශ්‍ර කළ විට රසවත් බීමක් සැකසෙන බවත් එය සෙඛ්‍යයට ඛෙහෙවින් හිතකර බවත් කියති’ මේ හැර අස්ථිවල වැඩීමටත්” ලේ පිරිසිදු කිරිමටත් ප්‍රතිශක්තිකරණ ගුණය සිරුර තුළ පවත්වා ගැනිමටත් ඒවා උපකාරි වෙයි’

ගර්භනී මවුවරුන්ට මෙය පාවිච්චි කිරිමෙන් සිරුරට අවශ්‍ය කැල්සියම්” යකඩ සහ විටමින් වර්ග ලැබේ’ එසේම දුර්වල ගති මග හැරී දරු ප්‍රසුතියද පහසු කර දරුවෙකු බිහි කිරිමට මග පාදන බව ද කියති’ ඉන්දීය ජනතාව අතර ඛෙහෙවින් ජනප්‍රිය මුරුංගා ඖෂධයක් ලෙසින් සැකසීමට ඔවුහු පුරුදු වී සිටිති’



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...

No comments:

Post a Comment

Recent Post